Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පඩි වැඩි කරන පනත්වලට කතානායක අත්සන් තබයි

1 year ago

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත ) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා වූ දෙවනවර කියවීමේ විවාදය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී පනත කෙටුම්පත් ත්‍රිත්වයම පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය පළමු වර කියවීම සඳහා 2025.06.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *