Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්ට විවේක කාල දෙකක් ලබාදීමට තීරණයක්

6 months ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාලය සහ විවේක කාලය වෙනසක් සිදු කර තිබේ.

ඒ අනුව පෙරවරු 7.30 සිට සවස 2.00 දක්වා පාසල් පැවැත්වෙන අතර විවේක කාල දෙකක් ලබාදීමට නිර්දේශ කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ජනවාරි 01 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය දිනකට විනාඩි 50 කින් වැඩි වෙන බැවින් එය දරුවන්ට දරා ගත නොහැකි නිසාපෙරවරු 10.10 සිටි 10.30 දක්වාත් දහවල් 12.10 සිට 12.20 දක්වාත් දිනකට විවේක කාල දෙකක් ලබා දී තිබෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝක ද සිල්වා මහතා පැවසීය.

පන්ති කාල සටහන්වල වෙනසක් සිදුකරන අතර ඒ අනුව පෙරවරු 7.40 සිට 8.30 , 8.30-9.20, 9.20 -10.10, 10.30 -11.20, 11.20 සිට දහවල් 12.10 දක්වාත් 12.20 -1.10, 1.10-2.00 දක්වා කාලය සංශෝධනය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *