Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාලිනී ෆොන්සේකා ගැන කවුරුත් නොදත් කතාවක් එළියට

7 months ago

අභාවප්‍රාප්ත වූ නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය ඉතා දක්ෂ මෝටර් රථ ශූරියක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ප්‍රවීණ රංගනවේදනී මාලිනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ පාර්ලිමේන්තු ශෝක යෝජනාව අමතමිනි.

ඇයට මුළු රටම ආදරය කළ බවත්, ඇය ආණ්ඩු පක්ෂයේ සිටියදී තා කුළුපගව ඇසුරු කිරීමේ අවස්ථාව තමාට ලැබුණ බවත් හෙතෙම කීය.

“මම යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමති ලෙස සිටියදී නිරන්තරයෙන් ඇය අපගේ අමාත්‍යංශයට පැමිණ වැඩකටයුතු සඳහා ධෛර්ය ලබා දුන්නා. මාලනී ෆොන්සේකා ගැන කතා කරද්දි සිනමාව ගැනත් සිනමාව ගැන කතා කරද්දි මහා භාරතයත් අපට අමතක කරන්න බැහැ.දකුණු ඉන්දීය සිනමාවේ රන් චරිතය වූ සිවාජි ගනේශන් සමගත් මාලිනී ෆොන්සේකා මැතිනිය ප්‍රධාන චරිතය රඟපෑවා. සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම වාණිජ චිත්‍රපට වලටත් ඇය එකසේ රංගනයෙන් දායක වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරිය වූයේද මාලිනී ෆොන්සේකා මැතිනියයි”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *