Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට

8 months ago

ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප්ව ගුවහාටි පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇය පැදවූ බව කියන මෝටර් රථයක ගැටීමෙන් 21 හැවිරිදි සිසුවෙක් මියයාමේ සිදුවීමට සම්බන්ධවයි.

ඉකුත් 25 වැනිදා අලුයම ගුවහාටිහි, දඛින්ගාඕන් ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පසු, සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ මියගොස් තිබේ.

නමුත් රංගන ශිල්පිනිය අනතුර සිදුකර පලා යන බව අසල CCTV කැමරාවක සටහන්ව තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුර හේතුවෙන් සිසුවාගේ හිසට දරුණු ලෙස තුවාල සිදුවී කකුල් දෙකෙහිම අස්ථි බිඳී තිබූ බවයි මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *