Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන ඇමතිතුමියගේ සාකච්ඡාවක් වර්ජනයට ගුරු සංගම් කිහිපයක් සැරසෙයි

7 months ago

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමැති හරිනි අමරසූරිය හෙට 01 කැඳවා තිබෙන රැස්වීම වර්ජනය කිරීමට ඒකාබද්ධ ගුරු සේවා සංගමය ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් සංගම් කිහිපයක් තීරණය කර ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මෙතෙක් අවසන් ලියවිල්ලක් සකස් නොකර පවත්වන කිසිදු සාකච්ඡාවකට මින් ඉදිරියට තම සංගමය සහභාගි නොවන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය කාලයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව පැවති සාකච්ඡා කිහිපයකට තම සංගමය සහභාගි වුවද එහිදී සිදුවූයේ ප්‍රතිසංස්කරණ ගැන කිසිදු ලියවිල්ලක් නොමැතිව දේශනවලට සමන් දීම පමණක් බව ඒ මහතා පවසයි.

මෙවරද හෙට උදේ 9.30 එවැනි සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තම සංගමයට ද ඊට ආරාධනා ලැබී තිබෙන බවත් තම සංගමයේ කිසිදු සාමාජිකයෙක් ඊට සහභාගී නොවන බවත් ගුණවර්ධන මහතා පැවසීය.

ගුරු විදුහල්පති සංගමය ද මෙම ස්ථාවරයේ සිටිනන බව පවසන ඒ මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නමුත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මුවා වී අධ්‍යාපනය විකුණා දැමීමට බව චෝදනා කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *