Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ළඟදීම ඇතුළට යන්න ඉන්න සෙට් එකක් ගැන ලාල් කාන්තගෙන් අනාවරණයක්

6 months ago

තවත් ප්‍රභූවරුන් පිරිසක් අනිවාර්යයෙන්ම සිරගත වීමට නියමිත බව කෘෂිකර්ම,වාරිමාර්ග,පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, තමන් මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ කාර්යයන්වලට යන අවස්ථාවන්හිදී තවමත් මෙම ප්‍රභූන් එළියෙ සිටින්නේ ඇයි දැයි යනුවෙන් සමහර පිරිස් ඔහුගෙන් ප්‍රශ්න කරන බවයි.

ඒ අනුව ඒවා රාජකාරිමය වශයෙන් සහ නීත්‍යානුකූලව ආයතනික ක්‍රියාවලියක් මගින් සිදු කරන බවට ලාල්කාන්ත මහතා අවධාරණය කළා.

එමෙන්ම මෙරට රාජ්‍ය සේවය කඩා වැටී ඇති බවට පවසමින් ලාල්කාන්ත මහතා කියා සිටියේ, ආණ්ඩුව විසින් රටේ එක් වසංගතයක් අවසන් කරගෙන දේශපාලනමය පැතිකඩ සකසමින් යන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා,

“ කිසි මනුස්සයෙක් විශ්වාස කරන්නෙ නැහැ, මීට අවුරුද්දකට විතර කලින් හොරකම,වංචාව, දූෂණය නොමැති දේශපාලනය බලයක් ගොඩනගන්න පුළුවන් වෙයි කියලා. දේශපානඥයානම් ඌ ගේමක් ගහනවා. ඌ හොරා, ඌ එක්කො අපරාධකාරයා, නැත්නම් ජඩයෙක්.

මහනුවර දිස්ත්‍රික්කයෙ ගැනම නම් ටිකක් මතක් කරගෙන බලන්න, හොඳට මතක් කරලා බලන්න. මෑත කාලයේ ඒ ගණයට මම දන්න විදිහට අහු නොවුනනම් නොවුනේ, ඩී.බී විජේතුංග විතරයි. එතුමා සම්බන්ධයෙන් ඒ ගණයට නමක් පැටලිලා තියෙනවද නැද්ද කියලා සාපෙක්ෂව ගත්තම මම දන්න පමණින් නැහැ. එතනින් මෙහාට මේ දිස්ත්‍රික්කයේ මෑතකාලයේ බැලුවොත්, ඔගොලන්ට නම් ගම් කියන්න අවශ්‍ය නැහැ.

කට්ටියක් දැන් ඇතුළේ, කට්ටියක් තව ඇතුළට යෑමට අනිවාර්යයෙන්ම නියමිතයි. අපි මේ දිස්ත්‍රික්කයේ හැමතැනටම යනකොටත් තාම අහන්නේ අරුන් තාම එළියෙ ඉන්නේ මොකද සහෝදරයා කියලා. අපි කියන්නේ ඒවා රාජකාරීමය වශයෙන් නීත්‍යානුකූලව ආයතනික ක්‍රියාවලියක් හරහා සිද්ධ වෙන දේවල්නේ”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *