පසුගිය සතියේ රාජ්‍ය ඇමතිවරුන් ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් අයගෙන් පිරිසක් වෙනුවෙන් සහ අලුතින් පත් වීමට නියමිත කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙකු වන චන්න වික්‍රමසිංහගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.
සියලු රසමුසුවලින් පිරී තිබුණු සාදයට ඇඟ රත්වෙන දියරවලින් අඩුවක් තිබුණේ ද නැත.
සාදයට සහභාගි වූ ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පදමට ‘ආතල්’ ගනිමින් චූන් වෙවී සිටියදී රත්වන දියර පදමට පාලනය කර ගන්නට නොහැකි වූ රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන් දිලුම් අමුණුගම ඔහුගේ ගිනි අවිය එළියට ගෙන අහසට වෙඩිල්ලක් තබා තිබෙනවා.
වෙඩිල්ල තිබ්බේ නිවස තුළ ම බැවින් එය වහලයේ වැදී සීලිමේ කොටසක් කඩාවැටී සාදයට ඇරැයුම් ලැබ පැමණි සිටි චන්න වික්‍රමසිංහට හිතවත් මහාචාර්යවරයෙකුගේ ඔළුවට කඩා වැටී තුවාල සිදුව තිබෙනවා.
ඉන්පසු ජනපතිගේ සොහොයුරා විසින් කඩිමුඩියේ මිතුරා ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කර තිබෙනවා.