පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්රාස්ත්ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු අතුරුදන් වී තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (18) පේරාදෙණිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
එලෙස අතුරුදන්ව ඇත්තේ, 24 හැවිරිදි යක්කල ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි.
අතුරුදන් වූ අය විසින් පසුගිය 16 වනදා ලියන ලද බවට සැකකරන ලිපියක් ඔහු නැවතී සිටි බෝඩිම් කාමරයේ තිබී සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
අදාළ සිසුවා සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරුක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.