Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර සිව්වන ස්ථානයට! වසරේ අවසන් සිවු මසේදී කලාප 3කට සාගතයක් ඇති විය හැකි බවට පුරෝකතනයක්!

3 years ago 806

2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව එළිදක්වා තිබේ.

ඒ අනුව ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් 10 අතර ශ්‍රී ලංකාව පසුවන්නේ සිව්වන ස්ථානයේය.

මෙරට ආහාර උද්ධමනය සියයට 91ක් ලෙස එහි දැක්වේ.

ලොව වැඩිම ආහාර උද්ධමනය සහිත රට සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එම අගය සියයට 353කි.

ලෙබනනය හා වෙනිසියුලාව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවේ.

තුර්කිය, ඉරානය, ආර්ජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව සහ රුවන්ඩාව එම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත් සෙසු රටවල් වේ.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 2021 වසරේ සැප්තැම්බර් මස සියයට 9.9ක වැනි අගයක පැවති අතර වසරකට ආසන්න කාලයක් තුළ එය සියයට 90.9 දක්වා දස ගුණයකින් ඉහළ ගොස් තිබේ.

ආහාර උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේ සිටය.

වාර්තාවේ සාරාංශයක් දක්වන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ලොවපුරා මිලියන 205.1 ජනතාවක් ආහාර අර්බුදයකට හෝ එහි උග්‍ර තත්ත්වයට මුහුණපානු ඇති බවය.

මේ වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ සෝමාලියානු බොක්ක කලාපයේ ප්‍රදේශ 03ක සාගතයක් ඇති වනු ඇති බවටද එමගින් පුරෝකථනය කර තිබේ.

source – ada derana

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *