2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව එළිදක්වා තිබේ.
ඒ අනුව ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් 10 අතර ශ්‍රී ලංකාව පසුවන්නේ සිව්වන ස්ථානයේය.
මෙරට ආහාර උද්ධමනය සියයට 91ක් ලෙස එහි දැක්වේ.
ලොව වැඩිම ආහාර උද්ධමනය සහිත රට සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එම අගය සියයට 353කි.
ලෙබනනය හා වෙනිසියුලාව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවේ.
තුර්කිය, ඉරානය, ආර්ජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව සහ රුවන්ඩාව එම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත් සෙසු රටවල් වේ.
ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 2021 වසරේ සැප්තැම්බර් මස සියයට 9.9ක වැනි අගයක පැවති අතර වසරකට ආසන්න කාලයක් තුළ එය සියයට 90.9 දක්වා දස ගුණයකින් ඉහළ ගොස් තිබේ.
ආහාර උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේ සිටය.
වාර්තාවේ සාරාංශයක් දක්වන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ලොවපුරා මිලියන 205.1 ජනතාවක් ආහාර අර්බුදයකට හෝ එහි උග්‍ර තත්ත්වයට මුහුණපානු ඇති බවය.
මේ වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ සෝමාලියානු බොක්ක කලාපයේ ප්‍රදේශ 03ක සාගතයක් ඇති වනු ඇති බවටද එමගින් පුරෝකථනය කර තිබේ.
source – ada derana

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට