වයස අවුරුදු 8ක දැරියකට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජන කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවගේ දෙවැනි විවාහයේ ස්වාමි පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය පැවසීය.
සැකකරු 44 හැවිරිදි චමින්ද කුමාර නමැති මොරටුව, රාවතාවත්ත, පොල්කොටුව පාරේ නිවසක පදිංචි පෙදරේරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති දැරියගේ මව පවසා ඇත්තේ,
“මම ඔහු සමග මීට වසර 3කට පමණ ඉහතදී විවාහ වුණා. කලින් විවාහයේ අවුරුදු 8ක දැරියක් සහ දෙවැනි විවාහයෙන් අවුරුදු 2ක පුතෙක් මට සිටිනවා.”
“පසුගිය ඉරිදා දැරියට දහම් පාසල් යෑමට ලෑස්ති වෙන්න කිව්වා. දුව කිව්වා..’මගේ මුලු ඇඟම රිදෙනවා අම්මේ.’ කියලා. එහෙත් මගේ බලකිරීම මත දැරිය දහම් පාසල් ගියා.”
දහම් පාසල් නිමවී නිවස වෙත පැමිණ ඇති දැරිය සවස ඉංග්‍රීසි පන්තියකට ගොස් ඇති අතර එහිදී තමාගේ ශරීරයේ දැඩි වේදනාවක් ඇති බව දැරිය විසින් ඉංග්‍රීසි ගුරුවරියට පවසා ඇත.
ඒ අනුව ගුරුවරිය විසින් මවට ඒ පිළිබඳව දැනුම්දී දැරියට ප්‍රතිකාර ලබාදෙන ලෙස පවසා තිබේ.
පසුව මව විසින් දැරියව නිවසට රැගෙනඒමෙන් පසු අසනීප තත්ත්වයට හේතු විමසා ඇති අතර එහිදී දැරිය සිදුවූ අපරාධය පිළිබඳ අනාවරණය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (21)මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති