හදවත අකර්මණ්‍ය වූ ගැබිනි මවකට පැය දෙකක කාලයක් කෘත්‍රිම හෘද ස්පන්දනය ලබාදෙමින් සිදුකළ සිසේරියන් සැත්කමකින් පසු බිලිඳා සහ මව බේරාගැනීමට වෛද්‍ය කණ්ඩායමක් සමත් විය.
මාදම්පේ ගල්මුලුවේ පදිංචි ඇයට මෙම දුර්ලභ සැත්කම සිදුකර තිබුණේ හලාවත මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමකි.
වෛද්‍යවරුන් පැවසුවේ, එම ගැබිනි කාන්තාව පසුගිය 20 වනදා රාත්‍රි 11.25ට පමණ රෝහල්ගත කර විනාඩි කිහිපයක් ගතවනවිට හදවත නතර වී තිබූ බවය.
එහිදී වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරු ඇයට කෘත්‍රිම හෘද ස්පන්දනය ලබාදෙමින් සිසේරියන් සැත්කම සිදුකර තිබුණි.
වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි තත්ත්වයකදී ජීවිත දෙකම බේරාගැනීම ඉතා කලාතුරකින් සිදුවෙන බවය.
විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා,
“මේක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. මීට කලින් මගේ ජීවිතේවත් මෙවැනි අවස්ථා ලබලා නැහැ. මෙවැනි තත්ත්වයකදී දෙන්නගෙම ජීවිත බේරාගැනීම බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්.”

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු