පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කළේය.
එමෙන්ම සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසුවේ කතානායකවරයා සභාපති වූද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂ නායකයන් විසින් තීරණය කරන පරිදි මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් ‘ජාතික සභාව’ සමන්විත විය යුතු බවය.
පාර්ලිමේන්තුවට දැනට ඉදිරිපත් කළ ජාතික සභාවට ඇතුළත් වන මන්ත්‍රීවරුන් මෙසේය.
- ඩග්ලස් දේවානන්ද
- නසීර් අහමඩ්
- ටිරාන් අලස්
- සිසිර ජයකොඩි
- සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
- ජොන්ස්ටන් ප්‍රනාන්දු
- රවුෆ් හකීම්
- පවිත්‍රාදේවී වන්නිආරච්චි
- වජිර අබේවර්ධන
- ඒ.එල්.එම්. අතාවුල්ලා
- මහාචාර්ය තිස්ස විතාරණ
- රිෂාද් බදියුදීන්
- විමල් වීරවංශ
- වාසුදේව නානායක්කාර
- පලනි දිගම්බරම්
- මනෝ ගනේෂන්
- උදය ගම්මන්පිල
- රෝහිත අබේගුණවර්ධන
- නාමල් රාජපක්ෂ
- ජීවන් තොණ්ඩමන්
- ජී.ජී. පොන්නම්බලම්
- පූජ්‍ය අතුරලියේ රතන හිමි
- අසංක නවරත්න
- අලි සබ්රි
- සී.වී. විග්නේෂ්වරම්
- වීරසුමන වීරසිංහ
- සාගර කාරියවසම්

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු