Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උපන් දිනයදා අවසන් ගමන් ගිය පාසල් සිසුවා

3 years ago

ඊයේ දින උපන්දිනය සමරන පාසල් සිසුවකු මුහුදේ ගිලී අතුරුදන් ඇතැයි පයාගල පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ කලමුල්ල , කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි රන්මුතු ඩෙරන් සිල්වා නමැති 17 හැවිරිදි පාසල් සිසුවකුයි.

මිතුරන් දෙදෙනකු සමග පයාගල සාන්ත අන්තෝනි පාරේ කෙලවර මුහුදු වෙරළේ ගල් වැටිය අසල දිය නාමින් සිට ඇති අතර, එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි සදහන් වේ.

අසල සිටි පුද්ගලයකු මුහුදට පැන රළ පහරට හසුව ගසා ගෙන යමින් සිටී අනෙක් සිසුන් දෙදෙනා බේරාගෙන තිබේ.

අතුරුදන්ව ඇති සිසුවා ගේ නිවසේ ඊයේ(24) පස්වරුවේ උපන්දින සාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එය සැමරීම සඳහා පැමිණ ඇති මිතුරන් දෙදෙනකු සමග දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් පැවසේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *