රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
එබැවින් එම අධිකරණ කටයුතු අවසන් වූ වහා ම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරින්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවද දී අග්‍රාමාත්‍යවරිය පැවසීය.
ඇය මේ බව පැවසුවේ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීය.
එසේ ම අවශ්‍ය කරන අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදි ම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කර තිබේ.
එසේ ම ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සීමාව දීර්ඝ කිරීමටත් දැනට පවත්නා සියලු ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවාගැනීම් සිදු කිරීමටත් මෙහි දී එකඟත්වය පළ විය.

ලෝක කුසලාන ශුරයින්ට ලැබෙන තෑගි මුදල මෙන්න
රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළ් පනතකට ආණ්ඩුවෙන් සංශෝධන
වාහනයක් මිලට ගන්න ඉන්න ඔබට සුබ ආරංචියක්! කොමර්ෂල් බැංකුවෙන් නම්‍යශීලී ලීසිං පහසුකම්!
පැතුම් නිස්සංකගේ තැන කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකාවට ජය ගෙන ආ කමිඳු මෙන්ඩිස් කී කතාව
කැනඩාවේදී ලාංකිකයෙක් අත්අඩංගුවට
යුද හමුදා සාජන් මේජර්වරයකු වෙඩි තබාගෙන මරුට
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීමට ඉන්දීය දූත පිරිසක් දිවයිනට
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
මහ බැංකුව සතු සංචිත පහත වැටෙයි
වනිඳුට MRI ස්කෑන් පරීක්ෂණයක්! වෙනත් ක්‍රීඩකයෙක් සංචිතයට කැඳවයි!
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි