සිය භාර්යාව සමඟින් ත්‍රී රෝද රථය පදවමින් සිටියදී රියදුරැගේ ශරීරයට මැඩියෙකු පැනීමෙන් කලබලයට පත් එම රියදුරු අතින් ත්‍රීරෝද රථය පෙරලී යාම නිසා එම රියදුරා මියගොස් ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ භාර්යාව බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අත්තනගල්ල මීගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තීයෙන් විදුලි කාර්මික ශිල්පියෙකු වූ අබේකෝන් මුදියන්සේගේ ජයන්ත පද්මකුමාර (58) නැමති දෙදරැ පියෙකි.
නිට්ටඹුව කිරිදිවැල ප්‍රධාන මාර්ගයේ දියගොඩැල්ල ප්‍රදේශයේදී ඉකුත් (2) දා දහවල් 11.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත.
මෙම අනතුර සිදු වීමත් සමග එම ත්‍රී රෝද රථයට පිටු පසින් පැමිණි යතුරු පැදි දෙකක් ද ත්‍රී රෝද රථයේ ගැටී අනතුරට ලක්ව ඇති අතර ඉන් තුවාල ලැබූ තරැණයින් දෙදෙනෙකුද රෝහල් ගතකර ඇත.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට