දිල්ෂාන් මදුසංඛගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (29) සමත් වුණා.
හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ දී හිමි වූ ලකුණු 299ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 291ක් පමණී.
කෙසේ නමුත් මෙම තරගය අවසන් පන්දුවාරය දක්වාම තරගයේ ජය පැරදුම කණ්ඩායම් දෙකටම දෝලනය වී තිබුණි.
එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 5ක් අතැතිව ලකුණු 10ක ඉලක්කයක් යොමුව තිබුණි.
කෙසේ වෙතත් එම පන්දුවාරය යොමු කළ දිල්ෂාන් මදුසංඛ ඒ වන විටත් ලකුණු අතර සිටි සිකන්දර් රාස (92) ඇතුළු කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තේය.
ඊයේ වාර්තා වුණේ එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් 11වැනි කඩුලු ත්‍රිත්වයයි.
දිල්ෂාන් මධුසංක ලබාගත් එම කඩුලු ත්‍රිත්වයත් සමඟ ජ්‍යාත්‍යන්තර එක්දින තරගවල කඩුලු ත්‍රිත්වයේ අවස්ථා 11ක් ලබාගත් ලොව පළමු රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක් වුණා.
ඒ, සමඟින් මීට පෙර ලංකාව සතුව තිබූ ලොව වැඩිම එක්දින කඩුලු ත්‍රිත්වයේ වාර්තාව ද අලුත් කරන්නට දිල්ෂාන් මධුසංක සමත් වුණා.
2025 වසරේදී වාර්තා වී ඇත්තේ එක්දින කඩුලු ත්‍රිත්වයේ අවස්ථා 02ක් පමණක් වන අතර එම අවස්ථා 02ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකික පන්දු යවන්නන් වේ.
ඒ අවස්ථා දෙක වන්නේ, ජනවාරි මාසයේදී නවසීලන්යට එරෙහිව මහිෂ් තීක්ෂණ ලබාගත් කඩුලු ත්‍රිත්වය සහ ඊයේ දිනයේ මධුසංක විසින් දවාගත් කඩුලු ත්‍රිත්වයයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්