Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 25කට පසු ඉන්දියානු කොංග්‍රසයේ බලය ගානිධි පවුලෙන් ගිලිහෙන ලකුණු

2 years ago 798

මීළඟ මැතිවරණයට පෙර, අගමැති මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය සමග තරග වැදීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය, වසර 25කට පමණ පසු
ප්‍රථම වතාවට නේරු-ගාන්ධි රාජවංශයෙන් පිටත නව පක්ෂ සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට හැකියාවක් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ අරගලය අතරතුර මීට වසර 137 කට පෙර පිහිටුවන ලද කොංග්‍රසය, පසුගිය මහ මැතිවරණ දෙකේ දී අගමැති මෝදිගේ බී.ජේ.පීය හමුවේ
පරාජයට ලක් වුණා.

2019 වසරේ දී කොන්ග්‍රසයේ නායකත්වයට පත් සෝනියා ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධිගේ දුර්වල කොංග්‍රස් නායකත්වයට දොස් පවරමින්, බොහෝ ජ්‍යෙෂ්ඨ කොන්ග්‍රස් නායකයින්
තමන්ගේ ම පක්ෂයක් පිහිටුවීමට හෝ භාරතීය ජනතා පක්ෂයට එක්තු වීම සඳහා කොන්ග්‍රසයෙන්
ඉවත් වී ගියා.

නිදහස් ඉන්දියාවේ වැඩි ම කලක් පාලනය කළ කොන්ග්‍රස් පක්ෂය සඳහා බොහෝ අවස්ථාවන්වල
දී නායකත්වය දුන්නේ ගාන්ධි පවුලේ උරුමය ඇති අයෙක් විසින්.

පක්ෂය සඳහා නව නායකයා තෝරා පත් කර ගැනීම සඳහා වන පක්ෂ ඡන්ද විමසීමට කොන්ග්‍රස් පක්ෂ නියෝජිතයන් 9,000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති
අතර, නව නායකත්වය වෙනුවෙන් රාජස්ථාන් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වන ගාන්ධි පවුලේ
හිතවතෙකු වන අශෝක් ගෙලොත් සහ දකුණු කේරල ප්‍රාන්තය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එක්රීසත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිතයෙකු වන ශෂී තරූර් යන අය විසින් මේ සතිය තුළ නාම යෝජනා බාර දීමට සූදානමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව පක්ෂ නායකයා තෝරා පත් කර ගැනීම සඳහා අදාල වන ක්‍රියාවලිය පසුගිය 22 වැනි දා ආරම්භ වූ අතර, නායකත්වය සඳහා තරග වැදීමට අපේක්ෂකයන් එක් අයෙකුට වඩා සිටින්නේ නම්,
ඒ සඳහා වන පක්ෂ අභ්‍යන්තර මැතිවරණය එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා පැවැත් වීමට කටයුතු
සූදානම් කර ඇති බවයි, කොන්ග්‍රස් පක්ෂ මැතිවරණ කටයුතු අධිකාරියේ ලේකම් ප්‍රනාව් ජා විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් පත්වන නව පක්ෂ නායකයා වසර පහක ධුර කාලයක් සඳහා පක්ෂ සභාපතිත්වයේ කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර 1937, 1950, 1997 සහ 2000 යන වසරවල හැර, පක්ෂ නායකත්වය සඳහා එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටි බැවින් මැතිවරණ පවත්වා තිබෙනවා.

මෑත ඉතිහාසයේ වැඩි ම කාලයක් පක්ෂ නායකත්වය දැරූ දිවංගත රජිව් ගාන්ධිගේ බිරිඳ වන
සෝනියා ගාන්ධි 2017 වසර දක්වා දශක දෙකකට ආසන්න කාලයක් පක්ෂයට නායක්ත්වය දුන්නා.

ඇයගෙන් අනතුරුව පක්ෂ නායකත්වය භාර ගත්තේ ඇයගේ පුතු වූ රාහුල් ගාන්ධි වන අතර, ඔහුගේ දුර්වල නාය්කත්වය හමුවේ ප්‍රධාන මැතිවරණ කිහිපයක් ම භාරතීය ජනතා පක්ෂය
හමුවේ කොන්ග්‍රසය පරාජය වූ අතර, පක්ෂ ජ්‍යෙෂ්ටයන් රැසක් ද කොන්ග්‍රසය හැර ගියා.

source – hiru

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *