රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය අද (08) සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
බස්රථවල මෙන්ම ඇතැම් වාහනවල අමතරකොටස් සවිකිරීම තුළින් රියදුරුට නිසිලෙස මාර්ගය නොපෙනීම හේතුවෙන් අනතුරු සිදුවන බවට තහවුරු වී තිබුණා.
ඒ අනුවයි රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීම සිදු කෙරුණේ.
අදියර දෙකක් යටතේ එය සිදු කිරීමට පොලිසිය පියවර ගත් අතර අද (08) දිනයේ සිට එම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඒ අනුව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය, වාහනවල නලා භාවිතය, මෝටර් වාහනවල ඉදි පිටුපස සහ බඳෙහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම, නීති විරෝධි සවිකිරීමි නිර්මාණ වෙනස් කිරිම යන කරුණු කාරණා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්