සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නව බදු පැනවීමත් සමඟ භාණ්ඩ හා
සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එමෙන්ම, රජයට ආදායම් ඉපැයීම සඳහා පනවන මෙවැනි බදු යොදා ගත යුත්තේ තාවකාලිකව බවද
ඔවුන් පෙන්වා දෙනවා.
කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙනු ලැබුවේ 2022 අයවැය මගින්.
කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කෙරෙන අතර ඒ යටතේ රුපියල් මිලියන
120 ට වැඩි වාර්ෂික පිරිවැටුම මත සියයට 2.5 ක බද්දක් අයකෙරෙනු ඇති.
කෙසේ වෙතත් ඖෂධ, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, එල්.පී. ගෑස්, දේශීය නිෂ්පාදකයෙකුගෙන් හෝ නිපදවන්නෙකුගෙන් මිලදී ගනු ලබන නැවුම් කිරි, අමු පත්‍ර, කුරුඳු හෝ රබර් ඇතුලු ද්‍රව්‍ය කිහිපයක් සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.
එමෙන්ම විදුලි උත්පාදනය හෝ විදුලිය නිපදවීම, වෛද්‍ය සේවා, ජල සැපයුම, භාණ්ඩ සහ මගී ප්‍රවාහනය, නිමි ඇඳුම් මැසීමේ සේවා, සංචාරක සේවා, ජීවිත රක්ෂණ ව්‍යාපාර, සිනමා ශාලා, විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවීම් කටයුතු ලබාගන්නා සේවා ඇතුලු සේවාවන් කිහිපයක් මෙම නව බද්දෙන් නිදහස් වනවා.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට