නිදි යහනේ මියගොස් සිටි කාන්තාවගේ මරණය ඝාතනයක් බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.
ඒ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා අද (15) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි එක් දරු මවකි.
ඇය ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරන සේවා නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටි අයෙකි.
දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පසුගිය 13 වන දින කාන්තාවක් නිදි යහනේ සිටියදී මිය ගොස් ඇති බව පොලීසියට තොරතුරු ලැබී තිබුණි.
ඇයගේ සැමියා පොලීසියට ප්‍රකාශ කොට තිබුණේ, තම බිරිඳ විභාගයක් සඳහා පාඩම් කරමින් සිට සවස 4ට පමණ නින්දට ගිය බවත් රාත්‍රී නවයට පමණ අවදි කරවන ලෙස දැනුම් දුන් බවය.
ඒ අනුව රාත්‍රියේ බිරිඳ අවදි කිරීමට ගියද ඇය අවදි නොවීම නිසා අසනීප තත්ත්වයක් ඇතැයි සිතා 1990 ගිලන් රථ සේවය සේවයට ඇමතුමක් ලබා දුන් බවද ඔහු පොලීසියට ප්‍රකාශ කොට තිබුණි.
ගිලන් රථ සේවයෙහි පැමිණි අය විසින් තම බිරිඳ මියගොස් ඇති බව ප්‍රකාශ කළේ යැයි ද සැකකරු වැඩිදුරටත් පොලීසියට ප්‍රකාශ කොට තිබුණි.
කෙසේවෙතත් පොලීසියට අදාළ මරණය සම්බන්ධයෙන් ඇති වු සැකය මත මරණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර ඒ අනුව පරීක්ෂණ පවත්වා තිබේ.
අද දින දඹුල්ල රෝහලේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ. එන්. සී. සේනාරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.
එහිදී මරණයට හේතුව හිසට සිදුවු බරපතළ හානි හේතුවෙන් ඇති වු අභ්‍යන්තර ලේ වහනය බවට අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් අඹුසැමි යුවළගේ අවුරුදු 5ක කුඩා දරුවාගේ ඇති සැකකටයුතු හැසිරීම හා දරුවා දැඩි ලෙස බියට පත්ව සිටීම ආදි කරුණු හේතුවෙන් මෙම මරණය පිළිබඳව තව තවත් සැක ඇති වූ බව පොලීසිය පවසයි.
ඒ අනුව සැමියාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සිදුකළ ආකාරය ගැන තොරතුරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(source – adaderana)

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි