එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.
කෙසේ වෙතත් උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී