දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගිතා පසුබිම තුළ කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 463 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 500ක් වශයෙන් ජපන් යෙන් මිලියන 963 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.94ක්) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.
කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබා දීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන යානා සැපයීම සඳහා ආධාර ලබා දීමට ද නියමිත ය.
ජනාධිපතිතුමා විසින් ඉදිරියේදී ජපානයේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුරදී මෙම ව්‍යාපෘති වලට අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියවිලි අත්සන් තැබීමට නියමිතව ඇති අතර, ඒ අනුව, ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්