වසර ගණනක් එකදිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණදීමේ පීඩාකාරී මානසික වදයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි උත්සාහයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් එහා ගිය අධ්‍යාපන පරිවර්තනයක් ඔස්සේ පවත්නා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
වාර්ෂික ජාතික ගණිත සරණිය තරගයෙන් ජයගත් සිසු සිසුවියන් සඳහා පැවති ත්‍යාග සහ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පෙර පාසලේ සිට පාසල් පන්ති කාමරය හරහා මෙම පරිවර්තනීය වෙනස සිදුවිය යුතු බවත් පෙර පාසලේදීත් කුතුහලයෙන් පරිසරය නිරීක්ෂණයට ලැබෙන අවකාශය පුළුල් වන තරමට, පන්ති කාමරයේදී ප්‍රශ්න විමසමින් දැනුම් මූලාශ්‍ර හඹා යමින් ගවේෂණාත්මක නිදහස් අධ්‍යාපනයක නිරත වීමට දරුවන්ට අවස්ථාව හිමිවිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
විශ්වවිද්‍යාලයේදී විශ්වදැනුම හා මුසුවී සමාජයට ප්‍රතිඵලදායක නිර්මාණ බිහිකිරීමට හැකිවන්නේ එවන් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයක නියැලීම මත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ