Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නියෝජ්‍ය පොලිපතිවරු 14කට ස්ථාන මාරු

5 months ago

පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයක් පරිදි මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මකයි.

නියෝජ්‍ය පොලිස්පති ජි.එන්. ද සොයිසා සුබ සාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ජී.එල්.ඒ. ධර්මසේන මීගමුව කොට්ඨාසයේ සිට මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට, රථ වාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහාත් පත් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී. විජේසේකර, වව්නියාව හා මන්නාරම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත (දකුණ) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ. ජයසිංහ, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත (උතුර) දිසාව භාර නි.පො.ප. ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ඕ. හේවාවිතාරණ, මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති ඒ.අයි. හපුගොඩ, රථ වාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වව්නියාව හා මන්නාරම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.එම්.ඒ.බී. මහගිරිල්ල, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ.එන්. සේනාරත්න, ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ තනතුරේ සිට නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ටී. ගිනිගේ, නිකවැරටිය කොට්ඨාසයේ සිට මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එස්.පී. ද සිල්වා, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවර්තන දිසාව භාර නියෝජ්‍ය පෙලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති කේ.ඒ.ජේ. කොඩිතුවක්කු, සමීපරූප ආවේක්ෂණ කොට්ඨාසයේ සිට මධ්‍යම අපරාධ විශේෂ කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර තිබෙනවා.

කාන්තා නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ.ඩී. කුමාරි පොලිස් කාන්තා බලකා මුලස්ථානයේ සිට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, එම් තනතුරට අමතරව සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහාත් පත්කර තිබුණා.

කාන්තා නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ආර්. ජයසුන්දර, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට රත්නපුරය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර ඇති බව සඳහන් වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *