Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරුකමක් සිදුකරන මුවාවෙන් කාන්තාවක් දූෂණය කළ 72 හැවිරිදි කපුවා අත්අඩංගුවට

2 years ago 2.4 K

කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව දේවගැති කපුවෙකු යැ යි පැවසෙන පුද්ගලයෙක් කළුඅග්ගල, වග ප්‍රදේශයේ දී කොස්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

නොවරදින ගුරුකම් සිදු කරන දේවාලයක් පවත්වාගෙන යන බවට මුහුණුපොතේ පළ කර තිබූ
දැන්වීමක් අනුව කාන්තාවක් නිවසකට රැගෙන විත් මත්වන පානයක් ලබා දී තමාව නිරුවත් කර ඡායාරූප ලබාගනිමින් දුෂණය කළ බවට යි අදාළ කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

තම ස්වාමියා ව නිවසට ගෙන්වා ගැනීමට ගුරුකමක් කර ගැනීමට අවශ්‍ය බව පැවසීමත් සමග සැකකාර කපුවා කාන්තාවගේ දුරකථන අංකය ලබාගෙන තිබෙනවා.

පසුව පූජාවකට සහභාගි විය යුතු බව පවසා අදාළ කාන්තාව සැකකාර කපුවා පදිංචි ව සිටි නිවසට ගෙන්වාගෙන ඇතැ යි ද පොලීසිය පවසනවා.

එහි දී දූෂණයට ලක්ව ඇත්තේ කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවක්.

අදාළ පූජාව පැවැත්වීමට සැලසුම් කර එම කාන්තාවට අවිස්සාවේල්ල ප්‍රදේශයට පැමිණෙන ලෙස පවසා සැකකාර කපුවා විසින් යතුරුපැදියෙන් ගොස් එම කාන්තාව දේවාලය පිහිටි නිවස වෙත රැගෙන විත් ඇති බව ද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අදාළ පූජාව සඳහා තවත් අය සහභාගී වන බව සැකකාර කපුවා පවසා තිබුණ ද රාත්‍රිය වන
තුරුත් වෙනත් කිසිවෙකු නොපැමිණි බැවින් නැවත තමන් යා යුතු බවට පවසා බීමට ජලය ඉල්ලා සිටි අවස්ථාවේ දී දුන් ජලය පානය කිරීමෙන් පසු එම කාන්තාවට නින්ද ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

අවදි වී බලන විට තමා නිරුවත් කර තිබූ බවත් ඡායාරූප ගෙන තිබූ බවත් අදාළ කාන්තාව සිදු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව සැකකාර 72 හැවිරිදි කපුවා වැලිපැන්න, ගහමුල, උඩදෙණිය දුම්මලදෙණිය
ප්‍රදේශයේ දී කොස්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පස්දරු පියෙක්
බව පොලීසිය සඳහන් කරනවා.

සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

කොස්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාධව විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි
අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක රණතුංග වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *