විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදීමේ ව්‍යාපෘතිය වසර දහසයක් තිස්සේ අවසන් කරන්නෙට අසමත් වූවද ඒ සඳහා රුපියල් කෝටි 266ක මුදලක් වියදම් කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයකින් මේ බව අනාවරණය වී තිබේ.එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුව කෝටි අටසීයකි.මෙම ව්‍යාපෘතිය හඳුන්වාදී තිබෙන්නේ 2006 වසරේ දී ය. එහෙත් තවමත් එය අවසන් අදියර දක්වා ප්‍රගතියක් අත්පත් කරගෙන නැතැයි ද එම මුල්‍ය ප්‍රකාශනයේ සඳහන් වේ. ව්‍යාපෘතියේ කාලය අනවශ්‍ය ලෙස
දීර්ඝවීම හේතුවෙන් විදුලිය හා ජලය වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන ඉක්මවා සියයට 894ක් වැඩියෙන් වියදම් කර ඇතැයි ද එහි දැක්වේ.
ව්‍යාපෘතියෙන් කිසිදු මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන්කර නැතත් ව්‍යාපෘතියට වාහන දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් එකෝටි අනූතුන් ලක්ෂයක් වියදම් කර ඇති බව ද එම ප්‍රකාශනයේ සඳහන් වේ. එසේම 2017 වසරේ සිට 2021 දක්වා කාර්ය මණ්ඩලයේ විසිනව දෙනකු වෙනුවෙන් සේවක වැටුප් හා දීමනා ලෙස කෝටි අටක්ද ඇතුළුව පරිපාලන වියදම් ලෙස රුපියල් කෝටි විස්සක් වැය කර ඇතැයි ද එහි දැක්වේ. ව්‍යාපෘතියෙහි ප‍්‍රධාන කාර්යයන් දෙකක් වන භෞතික යටිතල පහසුකම් සංවර්ධනය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කෝටි 111ක් වැය කර ඇති බවද පුද්ගල දත්ත ඩිජිටල්කරණයේ භෞතික ප්‍රගතියක් මේ දක්වා අත්පත් කරගෙන නැති බවද එම මුල්‍ය ප්‍රකාශනයේ සඳහන් වේ.
මානව සම්පත් හා පුහුණු වැඩසටහන් වෙනුවෙන් නිලධාරින් හතර දෙනකු බඳවාගෙන පසුගිය වසරේ මාස අටකදී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් 8,17,530ක් වැය කර ඇතත් වසර අවසන් වන තෙක් කිසිදු පුහුණු වැඩසටහනක් සිදුකර නැති බව ද එම වාර්තාවේ දැක්වේ. මෙම නිලධාරින් බඳවාගෙන ඇත්තේ එම පුහුණුවට අදාළ කාර්ය සඳහා තොරතුරු තාක්ෂණ ආයතනය
කිසිදු උපාංගයක් ලබාදී නොතිබියදී බවද එහි සඳහන් වේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කළ විමසීමක දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ විවිධ හේතූ මත මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවය. මෙම ව්‍යාපෘතිය 2019 වසරේදී ශ්‍රී ලංකා යුනික්ඩිජිටල් හැඳුනුම්වත් ව්‍යාපෘතිය ලෙස වෙනස් වී කාර්යක්ෂමව ඉදිරියට ගිය නමුත් පසුව විටින් විට සිදුවූ කැබිනට් සංශෝධන නිසා එය යම් අඩාළත්වයකට පත්වූ බව ද එය කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කෙරෙමින් පවතින බව ද ඔහු පැවසීය.
මුදිතා දයානන්ද

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු