පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වරකාපොළ-තුඹලියද්ද ප්‍රදේශයේදී නිවසක් මතට පස්කන්දක් කඩා වැටී එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු සිරවී තිබෙනවා.
එම පුද්ගලයින් සිව්දෙනා මුදවා ගැනීම සදහා යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි 8 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මේ වන විට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඔවුන් ඒක පුද්ගලයකු (පියා) මුදවාගෙන ප්‍රථිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇති අතර, අනෙක් පුද්ගලයින් ගලවා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු සිදුකරමින් පවතී.
වරකාපොළ දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටෙයි! පුද්ගලයින් තිදෙනෙක් අතුරුදහන්! (වීඩියෝ)
