සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ දිස්නා නිරන්ජලා කුමාරි නම් මන්ත්‍රීවරියකටය.
ඇගේ සැමියා හා පුත්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.
ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක්ව ඇති බව සඳහන්.
ඒ අනුව අදාළ සිදුවීමට අදාළව නීතිමය කටයුතු සඳහා සහායදීමක් ලෙසද, රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වනවිටත් යොමුකිරීමට කටයුතු කර ඇත.
එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාටද යොමුකර තිබේ.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්