අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා ඖෂධ ත්‍රිත්වයක ප්‍රති මාත්‍රාව වෙනුවට එක් පෙත්තක් මෙලෙස නිපදවා ඇති බව සඳහන්.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ අනුව මෙම නිෂ්පාදනයට සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අධික රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී පිපිරී යෑමෙන් සිදුවිය හැකි අංශභාග රෝගී තත්ත්වය 60%කින් පමණ මෙම ඖෂධය ලබා ගැනීමෙන් වළක්වා ගැනීමට හැකි වී ඇති බව ද සිදු කළ සමීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය බිම්සර සේනානායක මහතා මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.
අංශභාගය නමින් සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ භාවිතා කරන මෙම රෝගය සාමාන්‍යයෙන් 80% කට පමණ වැළඳෙන්නේ රුධිර වාහිනියක් අවහිර වීම නිසා ලේ කැටියක් ඇතිවීමෙන් බවයි විශේෂඥ වෛද්‍ය බිම්සර සේනායක පෙන්වා දෙන්නේ.
“අපි මේ පරීක්ෂණය කළහම අපිට දැන් පෙනී යනවා අපි හිතුවෙත් නැති තරම් විශාල ලෙස ඒ සාර්ථකත්වයකට යන බව. ඒ කියන්නේ රෝගය නැවත ඇතිවීම, එහෙම නැත්නම් අධික රුධිර පීඩනය නිසා රුධිර වාහිනී පිපිරී යෑමෙන් ඇතිවෙන ඒ ස්ට්‍රෝක් තත්ත්වය, ඇතිවීම 60%කින් පමණ මේ ඖෂධය ගැනීමෙන් වළක්වා ගත හැකි බව දැන් පෙනී යනවා. ඒක විශාල ජයග්‍රහණයක්.”
මේ අතර ඖෂධ තුනක් එකතු කර සකස් කළ නව ඖෂධ සංයෝගය හරහා අධික රුධිර පීඩනය පාලනය කර, එමගින් නැවත මේ තත්ත්වය ඇතිවීම පුළුවන් තරම් දුරට අඩු කරගත හැකිවන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ප්‍රකාශ කළා.
“දිගටම ප්‍රෙෂර් පාලනය කිරීමේ හැකියාව මේ ‘Trineation Pill’ [ත්‍රිත්ව ඖෂධ පෙත්ත] එකට තියෙනවා කියලා අපි හොයාගෙන තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ හෘදයාබාධ වල 20%ක විතර අඩුවීමක් වෙන්න පුළුවන්.”
මෙම මාධ්‍ය හමුවේදී වෛද්‍ය විශේෂඥයන් ඉදිරිපත් කළ අදහස් අනුව මෙම ඖෂධ සංයෝගය ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීමට නම් ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතනවල අනුමැතිය ඊට හිමි විය යුතුව තිබෙනවා.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම පරීක්ෂණයේ වැඩි කොටසක් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් සිදුව ඇති බැවින්, මෙහි සාර්ථකත්වය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගත හැකි බවයි.
මෙම පරීක්ෂණය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ සායනික අත්හදා බැලීම් ඒකය, විදේශ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයක් සමඟ එක්ව මෙම පරීක්ෂණය සිදු කර ඇති බව සඳහන්.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්