Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෙම්වතිය කතා නොකළ දුකට පෙම්වතිය සිය දිවි නසා ගනී

4 weeks ago

මොණරාගල පොලිස් වසමේ මදුරුකැටිය හන්දිය අසල පදිංචි තරුණයෙකු ඊයේ (05) සවස 5.00 වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල මඳුරුකැටිය හංදිය අසල පදිංචි (21) නමැති තරුණයෙක්.

ඔහු නිවස ඉදිරිපිට වැරන්ඩාවේ බිම දිගාවී බෙහෙත් කොටන තුවක්කුවක් පාදයෙන් කොකා ගස්සවා ගෙන වෙඩි තබාගෙන ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

වෙඩි තබා ගැනීමට ප්‍රථම ඔහු වෙඩි තබා ගන්නා බව සඳහන් කරමින් මවට සහ පියාට ලියන ලද ලිපියක් මේසයක් මත තිබී හමුවී තිබෙනවා.

ඔහුගේ පසුම්බියේ තිබී පෙම්වතියගේ ඡායාරූපයක්ද හමුවී ඇති අතර ඇය දින කිහිපයක් දුරකථනයෙන් කථා නොකිරීම නිසා සිත් තැවුලට පත්ව මෙසේ වෙඩි තබාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇතැයි ද පොලිසිය පවසනවා.

මියගිය අයගේ මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මොණරාගල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පසිඳු පරාක්‍රම බණ්ඩාර පත්මකුලසූරිය විසින් පවත්වනු ලැබුවා.

මොණරාගල වැඩබලන මූලස්ථාන පොලිස් පරික්ෂක  ලසන්ත ජයසිංහ ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *