Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්! 700ක් අත්අඩංගුවට!

4 weeks ago

ඊයේ දිනයේ දී (06) පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 700 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

ඒ කොට්ඨාශ හා ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදියි.

මේ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 32,571 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර සැකකරුවන් 700දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 35 දෙනෙකු මෙන්ම ව‍රෙන්තුකරුවන් 685 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 460ක්.

බීමත් රියදුරන් 18 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ.

වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4468 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *