Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප 30% වැඩිවීමක්?

4 weeks ago

මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රාජ්‍ය යේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් වැඩි කිරීමක් ලබාදීම, සියලුම විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම සහ වතුකම්කරුවන්ගේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ නැංවීම ඇතුළු සහන රැසක් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරන ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයෙන් යෝජනා කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මාණ්ඩලික නිලධාරින් රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් ලබා ලබාදීම සඳහා සහ විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම සඳහාත් අයවැය ලේඛනයෙන් රුපියල් කෝටි 13,000 ක අමතර ප්‍රතිපාදනය වෙන් කර තිබෙන බවයි.

අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා මෙවර රුපියල් කෝට් 24,000 ක මුදලක් වෙන්කර තිබෙන බව ද වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *