විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබේ.
මෙරටට විදෙස් ප්‍රේෂණ හිමිවන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයකි.
එම පිරිස විසින් අප රටේ සංර්වධනයට දක්වන දායකත්වය අගයමින් විදේශගත ශ්‍රමිකයින් සඳහා මෙම නිවාස ණය යෝජනා ක්‍රමය යෝජනා කර ඇත.
එය පොලී ප්‍රතිපූර්ණ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ අරමුදල් භාවිතයෙන් සිදුකිරීමට යෝජනා කර තිබේ.
එමෙන්ම විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත අතර, එහි මූලික වැඩකටයුතු කඩිනමින් සිදුකර 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු විදේශ සේවා නියුක්තිකායාංශය විසින් සිදුකරනු ලබයි.
මෙම වැඩසටහන් සඳහා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 2,000ක් ආරම්භක පියවරේ දී වෙන්කරනු ලබන බව ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්