Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන් තිදෙනකු අපයෝජනය කළ චීවරධාරියා අත්අඩංගුවට

4 weeks ago

පාසල් වයසේ පසුවන පිරිමි ළමුන් තිදෙනකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත චීවරධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙම සිද්ධිය අනාවරණය වන්නේ එක් සිසුවකු සතියක් පුරා පාසලට නොපැමිණීම හේතුවෙනි. මේ පිළිබඳව පංතියේ පන්තිභාර ගුරුතුමිය විදුහල්පතිවරයා දැනුවත් කර ඇති අතර ඊළඟ සතියේ දරුවා පාසලට පැමිණීමෙන් අනතුරුව විමසීමේදී මෙම සිදුවීම අනාවරණය වී ඇත. සැකකාර චීවරධාරියා විසින් මෙම දරුවා ඇතුළු දරුවන් තිදෙනකු විදුහලට පැමිණීම ගැන අවධානයෙන් සිට විදුහල ඉදිරිපිටට පැමිණ මෝටර් රථයකින් දරුවන් රැගෙන ගොස් මුදල් ලබාදී අපයෝජනයට ලක් කර පාසල් ඇරෙන වේලාවට නැවත පාසල් අසලට ගෙනවිත් දමන බව දරුවන් විසින් පවසා ඇත. එක් අවස්ථාවක දරුවන් දෙදෙනකු එක මොහොතේ අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණය වී ඇත.

පසුව විදුහල්පතිවරයා විසින් අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති අසංක රාජකරුණා මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව සූක්ෂම ලෙස මේ පිළිබඳ සියලු තොරතුරු එක් රැස් කර ගෙන ඇත. අනතුරුව දරුවන්ගේ දෙමාපියන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ දරුවා පාසල් යන බවත් මේ පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත්ය.

චීවරධාරියා විසින් දරුවන් තිදෙනකුට හා විහාරස්ථානයේ සාමනේර හිමියන්ට ද මුදල් ලබාදී වරින් වර අපයෝජනයට ලක් කර ඇති බවත් සාමණේර හිමියන් මසකට පනස් දහසකට ආසන්න මුදලක් වැයකර ප්‍රදේශයේ වෙළෙඳසල්වලින් විසිතුරු භාණ්ඩ හා ටොෆි චොකලට් ද මිලදී ගෙන ඇති බවත් අනාවරණය වී ඇත. සැකකාර චීවරධාරියා අඟුරුවාතොට පොලිසිය මගින් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(source – lankacenews)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *