Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇස් දෙක පරිස්සම් කරගන්න! කෙරටකෝනස් ගැන දැනගන්න!

4 weeks ago

ලෝක කෙරටකෝනස් (World Keratoconus Day) දිනයට සමගාමීව කෙරටකෝනස් රෝගී තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයක් කොළඹ ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ලෝක කෙරටකෝනස් දිනය මෙරට දී සමරනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.

කෙරටොකොනස් (Keratoconus) යනු අක්ෂි රෝගයක් වන අතර එය ඇසේ කුණීතයේ ව්‍යුහය තුල සිදුවන වෙනස්වීමකි. රෝගය බෝ නොවන අතර එමඟින් පෙනීමේ ගැටලු ඇතිවේ.

කෙරටොකොනස් තත්වය පුද්ගලයින් 2000 ට එක් අයෙකුට ලෙස ආසන්න වශයෙන් ඇතිවිය හැකිබව සොයාගෙන ඇත.

මේ සඳහා නිසි වෙද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍ය අතර එයින් අපහසුතා මගහරවා ගත හැක.

මෙම රෝගී තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම නොපැහැදිලි පෙනීම, දුර්වල දුර දර්ශනය හෝ රූප අනුපිටපත් කිරීම වැනි දෘෂ්ටි ආබාධ ඇති කරවනවා.

keratoconus හි පළමු රෝග ලක්ෂණ වන්නේ, නොපැහැදිලි පෙනීම (මීදුම දැනීම), බොහෝ විට දුරස්ථ දර්ශනය (මයෝපියාව) සහ / හෝ විකෘති දර්ශනය (අස්ටිග්මැටිස්වාදය) යනාදී තත්වයන් ඇතිවිය හැකි අතර එයට අමතරව ආලෝකයට අධික සංවේදීතාව, කාච වලට අනුවර්තනය වීමේ අපහසුතාව, රාත්‍රී රිය පැදවීමේ දුෂ්කරතා, දෘෂ්‍ය තෙහෙට්ටුව, හිසරදය, ආදී තත්වයන්ද ඇති විය හැක.

keratoconus තත්ත්වය මූලික අවධියේදී හඳුනාගත හොත් සාර්ථකව පාලනය කරගත හැකිය.

පළමු ප්‍රතිකාරය වනුයේ පෙනීමේ ගැටළු නිවැරදි කිරීම සඳහා කණ්නාඩි සාදා ගැනීමයි. කෝනියා බද්ධ කිරීම අවසන් විකල්පය වන අතර හානියට පත් කෝනියාව ඉවත් කර එය මියගිය පරිත්‍යාගශීලියෙකුගේ කෝනියා බද්ධයක් මගින් සැකසීම ඉන් සිදු කරයි.

මෙය අවසාන විසඳුම වන අතර රෝගය කලින් හඳුනා ගැනීම තුලින් රෝගීන්ගෙන් විශාල පිරිසක් මෙම අදියරට නොයා ගලවා හැකි බවත් වෛද්‍ය මතයයි.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බංඩාර මහතාගේ අධීක්ෂණයෙන් පැවති මෙම වැඩසටහනේදී අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක, කරාපිටිය ජාතික රෝහලේ කෝනියා පිළිබද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මේධාවිනී දිසානායක, යාපනය ශීක්ෂණ රෝහලේ කෝනියා පිළිබද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.සුජීවන්, ජාතික අක්ෂි රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන හා තත්ත්ව කළමනාකරණ හෙද නිලධාරීනී නදී රාජකරුණා ඇතුළු අක්ෂි විශේෂඥයින් අදහස් දක්වමින් දැනුවත් කිරීම් සිදු කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *