2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රඳවාගන්න හා නිදහස් කරන ක්‍රීඩකයන් නිවේදනය කර තිබේ.
ඒ අනුව මෑත කාලය තුළ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන තරගාවලියේ දී තම සංචිතයෙන් නිදහස් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.
පසුගිය වසරේ දී ඔහු ඉන්දීය රුපියල් කෝටි 13කට රඳවා ගෙන තිබුණි.
කෙසේ නමුත් චෙන්නායි කණ්ඩායමට මතීෂව අවශ්‍යනම් එළැඹෙන දෙසැම්බර් 16 වනදා අබුඩාබි හිදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ ඒ සඳහා අවස්ථාව ඇත.
වෙන්දේසියට දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ලැයිස්තුව ඉන්දීය වේලාවෙන් අද ප.ව. 3.00ට පෙර ප්‍රකාශයට පත්කළ යුතුව තිබුණි.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්