ජාතික ජන බලවේගය (NPP) රජයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරන මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් හමුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
අද (15) පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති බව සඳහන් වන අතර මෙහිදී අදහස් දක්වා ඇති එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බවය.
පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙම රැලිය සම්බන්ධව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි