Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

3 weeks ago

තංගල්ල කාල්ටන් නිවසේදී 2014 අප්‍රේල් 9 වැනි දින පැවැත්වූ නාමල් රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති පිරිත් දේශනා සහ කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවය වෙනුවෙන් රුපියල් 666,000ක් ජනාධිපති අරමුදලින් වියදම් කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර  මහතා පවසනවා.

පෙර පැවති රජයන් විසින් රාජ්‍ය අරමුදල්, විශේෂයෙන් ජනාධිපති අරමුදල, පුද්ගලික හා දේශපාලනමය කටයුතු සඳහා මුදල් අවභාවිත කළ ආකාරය සම්බන්ධයෙන් අද (15) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජය සංවර්ධන හා පුනරාවර්තන කටයුතු සඳහා ප්‍රාග්ධන වියදම් වැඩි කරන විට, විපක්ෂය එය විවේචනය කළද, පෙර ජනාධිපතිවරුන් මුදල් වැඩි කළේ “රට සවාරි ගිහිල්ලා නාස්ති කරලා පෞද්ගලිකව ජීවත් වෙන” අරමුණින් බවයි.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා උදාහරණ කිහිපයක් දක්වමින් පෙර රජයේ ප්‍රධානීන්ගේ මුදල් අවභාවිතා කිරීම් කිහිපයක් පෙන්වාදුන්නා.

2013 වසරේදී හිමි නමකට පූජා භාණ්ඩ මිලදී ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අරමුදලින් රුපියල් 65,000ක් වැය කර ඇති බවත් 2014 වසරේදී ස්වාමීන් වහන්සේලාට පූජා කිරීම සඳහා මහජන මුදලින් රුපියල් 356,000ක් වටිනා අටපිරිකර මිලදී ගෙන ඇති බවත් හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළා.

කොටින්ම කියනවා නම් මහජන මුදල් වලින් තමයි මෙයාලා පින් කරලා තියෙන්නේ. නිවන් යන්න බලන්නේ මහජන සල්ලි වියදම් කරලා ඒකෙන් පින් කරන්න. ඉස්සර වුණේ මේකයි.”

අමාත්‍යවරයා තවදුරටත් චෝදනා කළේ, හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පුද්ගලික වියදම් පවා රාජ්‍ය අරමුදල්වලින් දරා ඇති බවයි.

ඒ අනුව 2009 චීන සංචාරය සඳහා රැගෙන යාමට, 2008 චීන සංචාරයේදී ගන්නා ලද ඡායාරූපයක් ලැමිනේටින් කර රාමු කිරීමට පවා රුපියල් 9,270ක් ජනාධිපති අරමුදලින් වියදම් කර තිබෙන බව අමාත්‍යවරයා පවසනවා.

වත්මන් රජය එලෙස ක්‍රියා නොකරන බවත්, වියදම් වැඩි කරන්නේ නම් එය ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදවන බවත් හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *