Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මතභේද මැද විශ්ව රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට

2 weeks ago

2025 විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ ෆැටීමා බොෂ් සමත් විය.

74 වන වරට සංවිධානය කර තිබුණු මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය තායිලන්තයේදී අද (නොවැ. 21) පැවැත්විණි.

තරගයේ දෙවන ස්ථානය තායිලන්තයේ ප්‍රවීනාර් සිං දිනා ගත්තා ය.

මෙවර විශ්ව රූ රැජිණ තරගයේදී ආන්දෝලනයට තුඩුදුන් සිද්ධි කිහිපයක් වාර්තා විය.

ඒ, තායිලන්ත රූ රැජිණ අධ්‍යක්ෂ නවාත් ඉට්සරග්‍රීසිල්, තරගාවලියට පෙර පැවති උත්සවයකදී විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගත් ෆැටීමා බොෂ්ගේ සමාජ මාධ්‍ය වේදිකාවල වැඩසටහනේ ප්‍රවර්ධන අන්තර්ගතයන් පළ නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදිණි.

එමෙන් ම, තරඟයට දින කිහිපයක් තිබියදී එහි විනිසුරුවන් දෙදෙනෙකු ඉල්ලා අස්විය.

එහිදී ලෙබනන්-ප්‍රංශ සංගීතඥයෙකු වන ඕමාර් හර්ෆූෂ් තමා ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබුණේ, රූ රැජිණියන් තෝරාගැනීමේ ක්‍රියාවලිය වංචනික බව ත් ‘නිල නොවන ජූරි සභාවක්’ අවසන් තරගකාරියන් තෝරාගෙන තිබූ බව ත් ය.

මෙම සිදුවීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව, ප්‍රංශයේ පාපන්දු කළමනාකරු ක්ලෝජා මැකිලිලී ද ‘අනපේක්ෂිත පෞද්ගලික හේතු’ මත බව පවසමින් ජූරි සභාවෙන් ඉවත් වන බව නිවේදනය කර තිබිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *