Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැළඳෙන්නට පෙර හෘදයාබාධයක පූර්ව රෝග ලක්ෂණ ගැන දැනගමු

2 weeks ago

හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකු මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මිය යාමට මාසයකට පෙර පූර්ව රෝග ලක්ෂණ

සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මෙවැනි මරණ අවම කර ගැනීමට අවැසි පියවර පෙළ ගැස්වීමට වැඩි දුර පර්යේෂණවල යෙදීම අත්‍යවශ්‍ය බවය.

මියගිය රෝගීන්ගෙන් 16% ක් මිය යාමට දින 28ක් වැනි කාලයක් තුළදී රෝහල්ගත කරනු ලැබුවන්වන අතර ඔවුන් අතරින් ඇතැමෙකු පපුවේ වේදනාව වැනි පුර්ව රෝග ලක්ෂණ සහිතවුවන් බව ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ් හි සමීක්ෂකයෝ පැවසුහ.

‘ද ලාන්සෙට්’ නම්වූ බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ පළකරන ලද සමීක්ෂණ වාර්තාවේ ප්‍රධාන කතෘ වෛද්‍ය පර්විස් අසාරියා පෙන්වා දෙන්නේ “රෝගියකු ඇතුළත් කිරීමේදී, හෘදයාබාධය මූලික හේතුවක්වන අවස්ථාවකදී ඊට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් සමත්වුවත් ද්විතීයික හෘදයාබාධයකදී හෝ නුදුරේදී හෘදයාබාධයක් නිසා සිදුවිය හැකි මරණයකට තුඩුදෙන අවිනිශ්චිත රෝගී ලක්ෂණයක් සම්බන්ධයෙන් එතරම් සාර්ථක වන්නේ නැහැ.” යනුවෙනි.

පුර්ව හෘදයාබාධ ලක්ෂණ

  • පපුවේ වේදනාව – දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම
  • ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම – පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
  • ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
  • දහදිය දැමීම
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • වමනය දැමීමේ අවශ්‍යතාව – අසනීප ගතියක් දැනීම
  • අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).
  • කැස්සක් හෝ ඇදුම ස්වභාවය.

ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.

සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන පරිදි හෘදයාබාධයකින් මිය යාමට මාසයකට පෙරදී ම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන් වෙතින් දිස්වේ

මිය යන රෝගියෙකුගෙන් මාසයකට පමණ පෙර සිට පපුවේ වේදනාව, කෙටි ආශ්වාස ප්‍රාශ්වාසය සහ ක්ලාන්ත ගතිය වැනි රෝග ලක්ෂණ දිස්වන අතර එය කලින් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව පවතින බව ද එම කණ්ඩායම පෙන්වා දෙයි.

මෙම රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කොට හෘදයාබාධ කලින් හඳුනා ගැනීමට රෝගීන් පමණක් නොව වෛද්‍යවරුන් ද දැඩි අවධානය යොමු කළ යුතුව පවතින බව ද සමීක්ෂණ වාර්තාවේ කතුවරියක වන මහාචාර්ය මජීත් ඉසාති පැවසුවාය.

බ්‍රිතාන්‍ය භෞතික චිකිත්සකයන්ගේ රාජකීය විදුහලේ ප්‍රකාශකයා මෙම සමීක්ෂණ වාර්තාව හඳුන්වා දුන්නේ නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව හේතුවෙන් හෘදයාබාධවලට ප්‍රතිකාර කළ හැකි බොහෝ දියුණු ක්‍රමවේද සොයාගෙන තිබෙන නමුත් රෝග විනිශ්චය සම්බන්ධයෙන් තවමත් වෛද්‍යවරුන් දියුණු කරගත යුතු අංශ තිබෙන බව පෙන්වාදෙන අවස්ථාවක් ලෙසිනි.

(අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *