අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවය සංවිධානය කරන ජංගම රුධිර කදවුරු බොහොමයක් දිවයින පුරා අවලංගු වී ඇත.
ජංගම කදවුරු අවලංගු වීමත් සමඟ, රුධිර බැංකු වෙත පැමිණ රුධිරය පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාවද අඩුවී තිබේ.
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ රෝහල්වල රුධිර සංචිතවල අඩුවීමක් සිදුවන අවදානමක් පවතින බව නිලධාරීන් පවසයි.
නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය සහ වැඩි අවශ්‍යතාවයක් පවතින රෝහල් ලේ බැංකු වෙත රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටී.
රුධිරය පරිත්‍යාග කළ හැකි ස්ථාන සහ වේලාවන්:
නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය – පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා
රාගම ශික්ෂණ රෝහල, මහරගම අපේක්ෂා රෝහල, යාපනය, කුරුණෑගල, අනුරාධපුරය, මහනුවර, බදුල්ල, හම්බන්තොට, කළුතර, රත්නපුරය, ගාල්ල ජාතික රෝහල් ලේ බැංකු – පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා
මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානය – පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්