Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයට එරෙහිව නඩු පැවරීමට සමගි ජන බලවේගය සැරසෙයි

4 days ago

ව්‍යසන තත්ත්වයෙන් මියගිය සෑම මරණයකටම වර්ථමාන රජය වගකිව යුතු බවත්, ආණ්ඩුවට එරෙහිව අපරාධ නඩුවක් ගොණු කිරීමට කටයුතු කරන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.

පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර තිබියදීත් පූර්ව සූදානමක් සිදු නොකිරීම සම්බන්ධව ආණ්ඩුවට එරෙහිව අපරාධ නඩුවක් පවරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම ව්‍යසන තත්ත්වය පාස්කු ඉරුදින ප්‍රහාරය තරම්ම අමානුෂික බවත් රට බංකොළොත් කිරීමට රාජපක්ෂලාට නඩු පැවරූ ආකාරයටම මේ රජයට එරෙහිවත් නඩු පැවරීමට කටයුතු කරන බවයි මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ඊයේ(01) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *