ආපදා සහන මධ්‍යස්ථානයක් අවහිර කරමින් කටයුතු කළ මහනුවර නගර සභාවේ සමගි ජන බලවේගයේ නියෝජිතයන් කිහිප දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්‍ෂය තීරණය කරඇත.
මහනුවර නගර සභා පරිශ්‍රයේ ස්වේච්ඡා මෙහෙයවීම් මත ක්‍රියාත්මක වූ සහන මධ්‍යස්ථානයක් අවහිර වන ආකාරයට හා ඊට විරෝධය පලකරමින් මෙම නියෝජිත පිරිස හැසිරී තිබේ.
මේ පිළිබඳව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිහිප දෙනෙකු පැමිණිලි කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ මහ ලේකම් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව එම විරෝධයතාවයට එක් වෙමින් සහන සේවා කටයුතු අවහිර කළ නගර සභාවේ නියෝජිතයන්ට එරෙහිව කඩිනමින් විනය පියවර ගැනීමට කටයුතු ආරම්භ කළ බව සමගි ජන බලවේගී ජෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රජාවන් මානුෂීය සහයෝගය මත යැපෙන මෙවැනි අවස්ථාවක, ස්වේච්ඡා කණ්ඩායමේ ක්‍රියාකාරකම්වලට විරෝධය දැක්වූ සාමාජිකයින්ගේ හැසිරීම පිළිගත නොහැකි බවයි විපක්ෂනායකවරයා ද සිය x සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.

බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්
තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
14 හැවිරිදි දරුවාගේ අභිරහස් මරණයේ සුලමුල සෙවීම ඇරඹෙයි! මව හා පියා රිමාන්ඩ්!
‘Dhamma Bridge’ ව්‍යාපෘතිය ඇරඹෙයි
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි