Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාස් හා වසීම් පසු කරමින් ක්‍රිකට් පොත අලුතින් ලියූ මිචෙල් ස්ටාක්

1 month ago

ඕස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පාකිස්ථාන ක්‍රිකට් පුරාවෘත්තයක් වන වසීම් අක්‍රම් සතුව තිබූ වාර්තාවක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ අනුව, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමේ ගෞරවය ස්ටාක් විසින් හිමිකර කර ගැනීමට සමත් වුණා.

‘අළු බඳුන’ තරගාවලියේ බ්‍රිස්බේන්හිදි අද ආරම්භ වූ දෙවන තරගයේදී ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකර ගියේය.

ස්ටාක් මෙම තරගයේ මේ වනවිට කඩුලු 4ක් බිඳහෙළා ඇතිඅතර, ඒ සමග ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 416ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අනුව ඔහුට ලොව මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්ව සිටි පාකිස්තානයේ වසීම් අක්‍රම් (කඩුලු 414) අබිබවා යෑමට හැකිවිය.

මෙම වාර්තාවේ තෙවන ස්ථානයේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස් (355), සිව්වන ස්ථානයේ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් (317) හා පස්වන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් (313) පසුවෙති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *