ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
බහාලුම් 14ක අසුරන ලද මෙම ටූනා ටින් මාළු තොගය අද (05) පස්වරුවේ මාලදිවයිනේ මහ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාර දුන් දුන්නා.
ආපදාවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම ඇතුළු සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වෙමින් මාලදිවයින් රජය මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර මෙම ආහාර ද්‍රව්‍ය කඩිනමින් ආපදාවට ලක් වු ප්‍රදේශවල ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරන බව නිලධාරීන් මෙහිදී පැවසුවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් ධර්මවික්‍රම, බටහිර නාවික ප්‍රදේශයේ නියෝජ්‍ය ප්‍රාදේශීය අණදෙන නිලධාරී කොමදෝරු අරුණ විජේවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට සහභාගී වී සිටියා.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්