Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි

1 month ago

ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ද ඉදිරිපත්ව තිබෙනවා.

ගංවතුර සඳහා සහනාධාර මෙන්ම බලපෑමට ලක්වූවන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා දායකවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඉදිරිපත්ව සිටිනවා.

2022 / 2023 කොරෝනා සමයේ ද යළි ගොඩනැගීමේ කටයුතුවලට ද ඇමෙරිකා ඩොලර් මිලියන 6කට අධික මුදලක් ලබාදුන් බව ඔවුන් සිහිපත් කරනවා.

මෙම ආපදාවේදී ද ශ්‍රී ලංකාවට පහසුකම් සළසන බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිවේදනය කරන්නේ.

ඒ අනුව ක්ෂණික ජීවනෝපාය සහන ,ප්‍රජා පිරිසිදු කිරීම් සදහා මුදල් , බලපෑමට ලක්වූ ප්‍ර දේශවල ව්‍යවසායකයින් සඳහා ප්‍රධාන , වෙළදපලවල් සහ කෘෂිකාර්මික වත්කම් ප්‍රතිසංස්කරණය ආදිය සදහායි.

මෙම සියලුම මැදිහත්වීම් ශ්‍රී ලංකා රජයේ සම්බන්ධීකරණ යාන්ත්‍රණ සමග එක්ව සිදුකරන බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *