Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා යොවුන් පිලට ජයග්‍රාහී ආරම්භයක්

1 month ago

ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද (13) ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් ලැබීමට සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 28.5කදී ලකුණු 82කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 25කට කඩුලු 5ක් දවාගත්තේය.

නේපාල පිතිකරණ ලැයිස්තුවේ වැඩිම ලකුණුලාභියා වූ Cibrin Shrestha ලකුණු 18ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව තරගයේ 15(14.5) වන පන්දුවාරයේ දී කඩුලු 2ක් දැවී තිබියදී ලකුණු 84ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

එහිදී දිමන්ත මහවිතාන නොදැවී ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය. 

ඩුබායිහි පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *