ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22ක් හා සැකකාරියන් සිව් දෙනෙකු තෙල්දෙණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තෙල්දෙණිය, වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ සිදුකළ වැටලීමකදීයි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙති 13ක් සහ නීතිවිරෝධී දුම්වැටි 12ක් සමග සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රිකුණාමලය සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.
සැකකාරියන් අවුරුදු 21ත් 26ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් සහ සැකකාරියන් අද (13) දිනයේදී තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්
තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
14 හැවිරිදි දරුවාගේ අභිරහස් මරණයේ සුලමුල සෙවීම ඇරඹෙයි! මව හා පියා රිමාන්ඩ්!
‘Dhamma Bridge’ ව්‍යාපෘතිය ඇරඹෙයි
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි