ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදු වූයේ ඇතැම් සහල් වර්ග වගා කිරීමේ ප්‍රමාණයන්හි වෙනස්කම් හේතුවෙන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ගංවතුරින් හානි වූ ගල්නෑව ප්‍රදේශයේ කුඹුරු යළි අස්වැද්දීමේ අවස්ථාවට එක්වෙමින් කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉදිරි කන්නයේ වගා කරන නාඩු හැරුනු විට වෙනත් අස්වනු සඳහා වැඩි මිලක් ලබා දීම පිළිබදව ද අවධානය යොමුව ඇති බව ලාල් කාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා,
”යළි නැගී සිටීම ගැන දැවැන්තම අත්දැකීම තියෙන්නේ ගොවි ජනතාවට.. ගොවි ජනතාවට මේ වෙච්ච විනාශයේදීත් නැවත නැගී සිටීම ගැන කිසිම සැකයක් ඇත්තේ නෑ.. මේ විනාශය වෙච්ච ගමන් අපේ හිතට එකපාර ආවේ ගොවියෝ වගා කරනවා ප්‍රශ්නයක් නෑ හැබැයි බිත්තර වී ප්‍රශ්නයක් එන්න පුලුවන් කියලා.. හැබැයි බිත්තර වී ගැන කොහෙවත් සාකච්ඡාවක් ඇත්තේම නෑ.. ඒ නිසා කවුරු හරි හිතන් ඉන්නවා නම් ඉදිරියේ දී සහල් ප්‍රශ්නයක් එයි කියලා එහෙම ප්‍රශ්නයක් නෑ..වගා කරන ප්‍රමාණයක්ගේ වෙනස්කම් නිසා සමහර වර්ග රටින් ගේන්න වෙලා තියෙනවා..පහුගිය දිනවල අපි කිරීසම්බා යම් ප්‍රමාණයක් ගෙන්නුවා. ඒ ගේන්න වෙලා තියෙන්නේ කිරී සම්බා වගා කරන ප්‍රමාණයේ අඩුවක් නිසා මිස සහලින් රටේ හිඟයක් තියෙන නිසා නෙමේ”

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි