අධික වැසි හේතුවෙන් පිටාර ගලමින් තිබූ අනුරාධපුර මල්වතු ඔයට සිය මව විසින් අලුයම් කාලයේ තල්ලූ කර මරා දැමූ දරුවන් දෙදෙනාගේ මළ සිරුරු එම දරුවන්ගේ සීයාට සහ මිත්තණියට බාර දෙන ලෙස අනුරාධපු ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාතවරයා මෙසේ නියේග කළේ දරුවන්ගේ මල සිරුරු හඳුනා ගෙන බාර ගෙන මිහිදන් කිරීමට ඔවුන්ගේ සීයා සහ මිත්තණිය කැමැත්ත ඵළ කරන බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය් නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානධිපති උප පොලිස් පරික්ෂක කරුණානන්ද වන්නිනයක මහතා කළ කරුණු දැක්වමක් සැළකල්ලට ගනිමිනි.
ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ දරුවන් දෙදෙනාගෙ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත සිරුරු දරුවන්ගේ සීයාට සහ මිත්තනියට මෙලෙස බාර දෙනු ලැබීය. පසුව මොරටුව අගුලානේ සිටි පැමිණි දරුවන් දෙදෙනාගේ සීයා සහ මිත්තිනිය අනුරාධපුරයේ පෞද්ගලික මල් ශාලාවක් මගින දරුවන්ගේ මල සිසිරු අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට රැගෙන ගොස් මිහිදන් කළේය.
(source – lankadeepa)

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්